අනතුරු හැගවීමේ සංඥා English සිංහල தமிழ் අනතුරු හැගවීමේ සංඥා මෙම සංඥා කහ පැහැති හතරැස් පසුබිමක කලු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. ඉදිරියෙන් මාර්ගයේ ගමන් මගෙහි වන වෙනස්කම් නිරූපනය කරන අතර, සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම සඳහා රියදුරන් හට අනතුරු හඟවයි. වම් පැත්තට වංගුව ඉදිරියෙනි මාර්ගයේ වමට තියුණු වංගුව ඇති ස්ථානයක් ඉදිරියෙනි දකුණු පැත්තට වංගුව ඉදිරියෙනි මාර්ගයේ දකුණට තියුණු වංගුවක් ඇති ස්ථනයක් ඉදිරියෙනි වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි මාර්ගයක වංගු දෙකක් එකිනෙකට ඉතා සමීපයෙන්ප ළමුවැන්න වම් පැත්තට ද දෙවැන්න දකුණු පැත්තට ද පිහිටි ස්ථානයක දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙනි මාර්ගයේ වංගු දෙකක් එකිනෙකට ඉතා සමීපයෙන් පළමුවැන්න දකුණු පැත්තට ද දෙවැන්න වම් පැත්තට ද පිහිටි ස්ථානයක් ඉදිරියෙනි දකුණු පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි මාර්ගයේ දකුණු පැත්තට ඉතා තියුණු වැලමිට වංගුවක් පිහිටි ස්ථානයක් ඉදිරියෙනි වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙනි මාර්ගයේ වම් පැත්තට ඉතා තියුණු වැලමිට වංගුවක් පිහිටි ස්ථානයක් ඉදිරියෙනි ද්විත්ව රථ මාර්ගය අවසානය ඉදිරියෙනි මාර්ගයක ද්විත්ව රථ මාර්ගයේ අවසානය ඉදිරියෙනි ද්විත්ව රථ මාර්ගය ආරම්භය ඉදිරියෙනි මාර්ගයක ද්විත්ව රථ මාර්ගයේ ඇරඹුම් ස්ථානය ඉදිරියෙනි ඉදිරියේ දී මාර්ගය පටුය මාර්ගයේ පටුව පිහිටි ස්ථානයක් ඉදිරියෙනි මාර්ගයේ වම්පස පටු වීම ඉදිරියෙනි මාර්ගයේ වම්පස පටු ස්ථානයක් ඉදිරියෙනි මාර්ගයේ දකුණුපස පටු වීම ඉදිරියෙනි මාර්ගයේ දකුණුපස පටු ස්ථානයක් ඉදිරියෙනි එකිනෙක හරහා ගමන් කරන මාර්ගය ඉදිරියෙනි එකිනෙක ඡේදනය වී ඛෙදී යන සේ මාර්ගයන් දෙකකින් යුත්මං සන්ධියක් ඉදිරියෙනි පළවැනි පැති මාර්ගය වම් පැත්තට විහිදෙන විසම සන්ධිය ඉදිරියෙන පැති මාර්ගයන් දෙකක් එකිනෙකට ආසන්නව පළමුවැන්න වම් පැත්තට ද, දෙවැන්න දකුණු පැත්තට ද ප්‍රධාන මාර්ගය ඡේදනය වන ප්‍රධාන මාර්ගයේපිහිටි විසම සන්ධියක් සහිත ස්ථානයක පළමුවැනි පැති මාර්ගය දකුණු පැත්තට විහිදෙන විසම සන්ධිය ඉදිරියෙනි පැති මාර්ගයන් දෙකක් එකිනෙකට ආසන්නව පළමුවැන්න දකුණු පැත්තට ද දෙවැන්න වම් පැත්තට ද ප්‍රධාන මාර්ගය ඡේදනය වන සේ ප්‍රධාන මාර්ගයේ පිහිටි විසම සන්ධියක් සහිත ස්ථානයක T හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි ටී අකුරක හැඩයේ ඇති මං සන්ධියක් සෑදෙන සේ මාර්ගයක් තවත් මාර්ගයකට සම්බන්ධ වන ස්ථානයක් ඉදිරියෙනි Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙනි මාර්ග තුනක් පොදු ස්ථානයක දී හමු වූ සන්ධි ස්ථානයක් ඉදිරියෙනි වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙනි මාර්ග තුනක් පොදු ස්ථානයක දී හමු වූ සන්ධි ස්ථානයක් ඉදිරියෙනි වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙනි වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙනි වම් පැත්තෙන් එන පැති මාර්ගයක් ප්‍රධාන මාර්ගය හා එක් වන සන්ධියක වම්පැත්තෙන් එන පැති මාර්ගයක් ප්‍රධාන මාර්ග හා ඍජුකෝණාකාරව එක් වන සන්ධියක් ඉදිරියෙනි දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධියක් ඉදිරියෙනි දකුණූූ පැත්තෙන් එන පැති මාර්ගය ප්‍රධාන මාර්ගය හා එක්වන සන්ධියක් ඉදිරියෙන් දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට ඍජුකෝණාකාරව එක්වන සන්ධිය ඉදිරියෙනි දකුණූූ පැත්තෙන් එන පැති මාර්ගය ප්‍රධාන මාර්ගය හා එක්වන සන්ධියක් ඉදිරියෙන් පටු පාලම ඉදිරියෙනි පටු පාලම ඉදිරියෙන් රථවාහන දෙපසට ගමන් කිරීම ඉදිරියෙනි තාවකාලිකව හෝ ස්ථිර ලෙස එම රථ මාර්ගයේ රථවාහන දෙපසට ගමන් කිරීම සඳහා වූ මාර්ගයේ කොටසක් ඉදිිරියෙනි ඉදිරියෙන් නවතිනු 10 වන නියෝගය අනුව ප්‍රධාන මාර්ගය ජේදනයවීමට හෝ හමුවීමට පෙර ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහනවලට ප්රමුඛතායදීමට අතුරු මාර්ගයේ ගමන් කරන රථවාහන නැවැත්විය යුතු ස්ථානය ඉදිරියෙනි ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු 10 වන නියෝගය අනුව මාර්ගය ඡේදනයවීමට හෝ හමුවන සන්ධියට ඇතුලුවීමට පෙර ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන සදහා සුලු මාර්ගයේ ගමන් කරන රථවාහන විසින් ඉඩදිය යුතු ස්ථානය ඉදිරියෙනි වටරවුම ඉදිරියෙනි මාර්ගයන් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක ඡේදනය කරන මධ්‍යයේ වෘත්තාකාර මධ්‍ය දූපතක් සහිත එම දූපත වටා දක්ෂිණාවර්ත දිශාවට රථ වාහන ගමන් කළ යුතු වන සේ පිහිටි වටරවුමක් ් වශයෙන් හඳුන්වනු ලබන ස්ථානයක් රථ වාහන ආලෝක සංඥා ඉදිරියෙන් රථ වාහන ආලෝක සංඥා මගින් පාලනය කරනු ලබන මාර්ගයන් අන්තරාදායක බෑවුම ඉදිරියෙනි මාර්ගයේ පහතට තියුුණු බෑවුම සහිත කොටසක් අන්තරාදායක නැගුම ඉදිරියෙන මාර්ගයේ ඉහළට තියුණු නැගීමක් සහිත මාර්ගයේ කොටසක් ඉදිරියෙන් ලිස්සන සුළු මාර්ගය ඉදිරියෙන් මාර්ගයේ ලිස්සන සුලු හෝ ලිස්සා යාමට හැකි ස්ථානයක් හෝ කොටසක් ඉදිරියෙනි බුරුල් කළුගල් කැබලි/බොරළු ඉදිරියෙනි කළුගල්, බොරළු ආදිය සමන්විත රථ මාර්ගයේ කොටස ඉදිරියෙනි ගල් පර්වත කැබලි වැටෙන ස්ථානය ඉදිරියෙනි මාර්ගයේ කොටසක රථවාහන පථය මතුපිිටට ගල් පර්වත වැටීමේ අවදානම සහිත හෝ රථ වාහන මාර්ගය මතුපිට වැටුනු ගල් පර්වත සහිත ස්ථානයක් හෝ කොටසක් ඉදිරියෙනි පදිකයින් මාරුවන ස්ථානය ඉදිරියෙන් මාර්ගයේ රථවාහන පථය හරහා පදිකයන් මාරුවන ස්ථානයක් ඉදිරියෙන ළමයින් මාරුවන ස්ථානය ඉදිරියෙනි මාර්ගය අසළ පාසැලක් හෝ ක්‍රීඩා පිටියක් පිහිටා ඇති ළමයින් නිතර මාර්ගය හරහා ගමන් කරන ස්ථානයක් ඉදිරියෙන් අන්ධ පුද්ගලයින් මාරු වන ස්ථානය ඉදිරියෙනි මාර්ගයේ රථවාහන පථය හරහා අන්ධ පුද්ගලයින් මාරුවන ස්ථානය ඉදිරියෙනි මිනිසුන් වැඩෙහි යෙදෙන ස්ථානය ඉදිරියෙනි මාර්ගයේ ධාවන පථය මත මිනිසුන් වැඩ කරමින් සිටින මාර්ගයේ වැඩ කෙරෙමින් පවත්නා ස්ථානයක් ගේට්ටු සහිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි ගේට්ටු මගින් ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙන අනාරක්ෂිත දුම්රිය හරස්මා ර්ගයේ ඉදිරියෙන බස්රථ ධාවන තීරුව ඉදිරියෙන් මාර්ගයක බස්රථ වල ප්‍රයෝජනය සදහා වෙන් කරන ලද රථ ධාවන තීරුව ආරම්භ වන ස්ථානයක් පාපැදි ධාවන තීරුවඉදිරියෙනි මාර්ගයක පාපැදි වල ප්රයෝජනයසඳහා වෙන් කරන ලද ධාවනතීරුවක් ආරම්භ වන ස්ථානයක් පාපැදිකරුවන් මාරුවනස්ථානය ඉදිරියෙනි පාපැදිකරුවන් මාර්ගයට ඇතුළුවනහෝ ඒ හරහා ගමන් කරන ස්ථානය ඉදිරියෙන් ගවයන් හෝ වෙනත් සතුන්මාර්ගය හරහා ගමන් කිරීමටඉඩ ඇති ස්ථානයක්ඉදිරියෙන් ගවයන් හෝ වෙනත් සතුන් මාර්ගයහරහා ගමන් කරන හෝ මාර්ගයෙහිසිිටිනු දැකිය හැකි ස්ථානයක්ඉදිරියෙන් මාර්ගය පැත්තකින් පිහිටි ජලාශයකට බෑවුම්වන ස්ථානය ඉදිරියෙනි මාර්ගය කොටු මළුවක් මත හෝමාර්ගයේ පැත්තක් තියුණු ලෙසගඟකට හෝ විලකට හෝ ජලමාර්ගයකට හෝ මුහුදට බෑවුම්වනහෝ වැටෙන සේ පිහිටි ස්ථානය ඉදිරියෙනිි අන්තරාදායක බෑවුම් සහිතපැත්ත ඉදිරියෙන් පැත්තක අන්තරාදායක ගැඹුරුබෑවුමක් ඇති පටු මාර්ග කොටසක් ඉදිරියෙන් වේග බාධක උස් තීරුව ධාවන වේගය සීමා කෙරෙන මාර්ගයේ වැටියොදා ඇති පෙදෙස ඉදිරියෙන් අසමාන මාර්ග ඉදිරියෙනි අන්තරාදායක ලෙස අසමාන වනරිය මාර්ග දැක්වෙන පෙදෙස ඉදිරියෙනි ගිලුම හෝ දිියමංකඩ ඉදිරියෙනි ගිලුනු මාර්ගය හෝ දියමංකඩ ඉදිරියෙනි උස්වැටි පාලම ඉදිරියෙනි උස්වැටි පාලම සහිත ස්ථානය ඉදිරියෙනි උමග ඉදිරියෙනි මාර්ගයේ උමග ඇති ස්ථානය ඉදිරියෙනි පහළින් පියාසර කරන ගුවන්යානා ඉදිරියෙනි පහළින් පියාසර කරන ගුවන් යානා ඇති ස්ථානය ඉදිරියෙනි