තහනම් සංඥා

පාලන සංඥා

තහනම් සංඥා

ඇතුල්වීම තහනම්

රථවාහන ඇතුලූ නොවිය යුතුයි

රථ වාහන වම් පැත්තට නොහැරවිය යුතුයි

රථ වාහන වම් පැත්තට නොහැරවිය යුතුයි

රථ වාහන වම් පැත්තට නොහැරවිය යුතුයි

රථ වාහන දකුණු පැත්තට නොහැරවිය යුතුය

U හැඩයට සිටින සේ හැරවීම තහනම්

රථවාහන වලට U හැඩයට ආපස්සට හැරවීම තහනම්ය

වාහන ඉස්සර කිරීම තහනම්

බලශක්තියෙන් ධාවනය කරනු ලබන වාහන, රෝද දෙකේ සැහැල්ලූ යතුරුපැදි, පැති කාර් රහිත රෝද දෙකේ යතුරු පැදි හැර වෙනත් වාහන ඉස්සර කිරීම තහනම්

වාහන ඉස්සර කිරීමේ තහනමේ නිමාව

පි.එච්.එස්.05 හි දැක්වෙන වාහන ඉස්සර කිරීම තහනම නිමාව

බඩු පැටවූ වාහන ඉස්සර කිරීම තහනම්

බලශක්තියෙන් ධාවනය කරනු ලබන වාහන, රෝද දෙකේ සැහැල්ලු යතුරුපැදි, පැති කාර් රහිත රෝද දෙකේ යතුරු පැදි හැර වෙනත් වාහන ටොන් 3.5 ට වැඩි බඩු පැට වූ වාහන මගින් ඉස්සර කිරීම තහනම්ය

බඩු පැටවූ වාහන ඉස්සර කිරීමේ තහනමේ නිමාව

පි.එච්.එස්.07 හි දැක්වෙන වාහන ඉස්සර කිරීම තහනම නිමාව

සියලුම රථවාහන සඳහා මාර්ගයේ  වසා ඇත

සියලුම රථවාහන නිශ්චිත මාර්ගයකට හෝ මාර්ගයේ කොටසකට ඇතුළුවීම තහනම්ය

මෝටර් රථ සඳහා මාර්ගයේ  වසා ඇත

මෝටර් රථවලට මාර්ගයේ  කොටසකට හෝ මාර්ගයට  ඇතුළුවීම තහනම්ය

බස් රථ සඳහා මාර්ගය වසා ඇත

බස් රථවලට මාර්ගයේ  කොටසකට හෝ මාර්ගයට  ඇතුළුවීම තහනම්ය

ලොරි සඳහා මාර්ගය වසා ඇත

ලොරිවලට මාර්ගයේ කොටසකට හෝ මාර්ගයට ඇතුළුවීම තහනම්ය

ඇමුණූ වාහන සඳහා මාර්ග වසා ඇත

ඇමුණූ වාහන මාර්ගයේ  කොටසකට හෝ මාර්ග ඇතුළුවීම තහනම්ය

බලශක්තියෙන් ධාවනය කරනු ලබන කෘෂිකාර්මික වාහන සඳහා මාර්ගය වසා ඇත

බලශක්තියෙන් ධාවනය කරනු ලබන කෘෂිකාර්මික වාහන සඳහා මාර්ගයට හෝ මාර්ගයේ කොටසකට හෝ ඇතුල්වීම තහනම්ය

තී්‍රරෝද රථ සඳහා මාර්ගය වසා ඇත

තී්‍රරෝද රථ සඳහා මාර්ගයකට හෝ මාර්ග කොටසකට ඇතුල්වීම තහනම්ය

යතුරු පැදි සඳහා මාර්ගය වසා ඇත

යතුරු පැදි මාර්ගයට හෝ මාර්ග කොටසකට ඇතුල්වීම තහනම්ය

පා පැදි සඳහා මාර්ගය වසා ඇත

පා පැදිකරුවන් මාර්ගයකට හෝ මාර්ග කොටසකට ඇතුල්වීම තහනම්ය

පදිකයන් සඳහා මාර්ගය වසා ඇත

පදිකයන්ට මාර්ගයට හෝ මාර්ග කොටසකට ඇතුල්වීම තහනම්ය

රථවාහන නැවැත්වීම තහනම්

මාර්ගයේ සලකුණ පිහිටුවා ඇති පැත්තේ රථවාහන නවතා තැබීම තහනම්ය

රථවාහන නැවැත්වීම සහ පැටවීම තහනම්

මාර්ගයේ සලකුණු පිහිටුවා ඇති පැත්තේ වාහන නැවැත්වීම හෝ නවත්වා තබා ගැනීම තහනම්ය

ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්

ඔත්තේ දිනවල (මාසයේ 1,3,5,7,9,11,13,15,17,19,21,2 ,25,27,29,31) සලකුණ පිහිටුවා ඇති පැත්තේ රථ වාහන නැවැත්වීම තහනම්ය

ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්

ඉරට්ටේ දිනවල (මාසයේ 2,4,6,8, 10,12,14,16,18,20,22,24,26,2 ,30) රථ වාහන සලකුණ පිහිටුවා ඇති පැත්තේ නැවැත්වීම තහනම්ය

Scroll to Top